ජීවිතයට තවත් දිනයක් අවිල්ලා.. නැවුම් සිතුවිලි, නැවුම් බලාපොරොත්තුත් එක්ක. සුන්දර සිතුවිලි වලින් ලෝකය සුන්දර කරන්න පුලුවන්. එන්න අලුත් දවසකට.. ලස්සන ලෝකයක් ගොඩ නඟන්නට. සාමය රජයන, සිනාවෙන් පිරුන ලස්සන දවසකට..
පාට ඉස,
පෙරදිග අහස් කුස.
සොඳුරු දිවයුරු රුව අඳී ඇත.
බලන් නිඳි නෙතු පියන් දිග හැර.
අලුත් අරුණක් යලි නැගී ඇත...
සෝ සුසුම් දුක්,
දුරට විසිකර..
සතුට අහුලා ගන්න එනු මැන.
සබඳ විගසින් බලන්
නෙත් හැර,
මේ මොහොත සැණෙකින් ගෙවෙනු ඇත..
අලුත් පැතුමක්
ළඟට අරගෙන,
නැවුම් පියවර දැන් තබනු මැන..
විහඟ ගී සර
මුණු මුණුව ළඟ,
අලුත් දවසක් දිග හැරී ඇත..
අතීතය,
මියැදිලා ඊයෙම.
සොඳුරු "අද" දැන් ඉපැදිලා ඇත.
අඳුරු සිදුවිලි
සුණු විසුණු වුන
නැවුම් ලොවකට දොර ඇරී ඇත...